
මිහින්තලය, මහකනදරාව වැව් බැම්මේ හිමිකරුවෙකු නොමැති පාර්සලයක තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ මැගසින් 04ක් සහ පතරොම් 25ක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. එම ස්ථානයෙහි සැකසහිත පාර්සලයක් තිබෙන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා. කෙසේවෙතත්, ගිනිඅවිය සහ පතරොම් තොගය එම ස්ථානයට ගෙනවිත් දැමූ පුද්ගලයින් කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.














