වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා යමින් සිටි සැකකරුවෙක් රිවෝල්වරයක් සමග වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(31) උදෑසන කාලයේ වෙන්නප්පුව, වැවපාර ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙක් විසින් යතුරු පැදියකින් ගමන් කරමින් සටි පුද්ගලයින් දෙදෙනෙකු අනතරට ලක් කර තියුණු ආයුධවලින් පහරදී සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
අනෙක් පුද්ගලයා තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වූ තරුණයෙක් වන අතර තුවාලකුරු වයස අවුරුදු 36ක් පමණ වන අයෙකි.
මොවුන් දෙදෙනාම ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
අදාළ අපරාධය වාර්තාවීමත් සමගින් වහාම ක්‍රියාත්මක වූ වෙන්නප්පුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදුකර කාර් රථයෙන් පලා යමින් සිටි සැකකරුවෙකු වෙඩි තැබීමට යොදාගත් බවට සැක කරන රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ කාර් රථය සමග වෙන්නප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් පමණ වන වෙන්නප්පුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.