
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි දේපළකට අදාළව ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු විසින් එම දේපොළ සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සකස් කර ඒවා අධිකරණ කටයුතු සඳහාද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.














