බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුම ආරම්භ වී තිබෙනවා.
මෙම වාරී ප්‍රතිසංස්කරණ දෙසතිය දෙසැම්බර් 09 සිට 23 බදුල්ල දිස්ත්‍රික්කය පුරා වැඩ බිම් 50 ක ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙම දින 14ක කාළය තුල වැව්,ඇල වේලි සහ අමුණු ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සමාජිකයන්, ශ්‍රී ලංකා ගුවන් හමුදවේ සමාජිකයන් ,විශේෂ කාර්‍යබලකායේ සාමාජිකයන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙ සාමාජිකයන, බදුල්ල දිස්ත්‍රික් ගොවි සංවිධාන සමාජිකයන්, මාතර සහ මොණරාගල සහෝදරත්වය, රතු කුරුස සාමාජිකයන් ඇතුලු රාජ්‍ය නිළධාරින්ගෙන් සමන්විත මෙම ශ්‍රම බලකායේ සාමූහික ස්වේච්ඡා ශ්‍රම සහයෝගයෙන් මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.











