ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
මෙම ගැසට්ප නිවේදනය පසුගිය 13 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වනවා.
එම අති විශේෂ ගැසට් නිවේදනය මගින් ඌරන් අවදානම් සතුන් ලෙසද නම් කර තිබෙනවා.
අප්‍රිකානු සූකර උණ රෝගය, පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පැතිරී ගිය බැවින් හා තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගත් බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.