හැටන් පොලිසියේ රාජකාරිය සිදු කළ සැරයන්වරයෙකු ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් හය දෙනෙකු මූලික විමර්ශනයකට යටත්ව හැටන් පොලිස් කොට්ඨාසයේම වෙනත් පොලිස් ස්ථානවලට මාරු කළ බව හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසනවා.
ස්ථාන මාරුවීමකට ලක්වූ පොලිස් නිලධාරීන් ජුනි මස 10 වන දින සිවිල් ඇඳුමින් සැරසී අධික ලෙස බීමත්ව හැටන් නගරයේ ආපන ශාලාවක් වෙත ගොස් එම ආපන ශාලාවේ සේවය කළ කළමනාකාරිවරියට පරුෂ වචනයෙන් බැන වැද ආපන ශාලාවේ අයිතිකරුට පහරදීමට තැත්කළේ යැයි චෝදනා එල්ල වී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන මූලික පරීක්ෂනයක් හේතුවෙන් එම පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවක් ලබාදුන් බවයි පොලිස් අධිකාරිවරයා පවසන්නේ.
ස්ථාන මාරුවීමට ලක්කළ නිලධාරීන් අතර සැරයන්වරයෙක් ඇතුළු පොලිස් කොස්තාපල්වරු හයf දනෙක් සිටින බවත් එම නිලධාරීන් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සහ හැටන් පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සේවය කළ නිලධාරීන් පිරිසක් බවයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආපන ශාලාවේ හිමිකරු විසින් මධ්‍යම පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ හැටන් පොලිස් අධිකාරිවරයාට කරන ලද පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.