වසර ගණනාවක සිට අක්‍රීයව පැවැති හැටන් මහජන පොළ ඊයේ(31) දින සිට පවත්වාගෙන යාමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පියවර ගෙන තිබෙනවා.
හැටන් නගරයේ රථ ගාලක් වශයෙන් මෙතෙක් පවත්වාගෙන ආ හැටන් තරු චතුරස්‍ර ර්‍භමියේ සතියට දින පහක් රථ ගාලක් වශයෙන් පවත්වාගෙන යාමටත් සෑම සති අන්තකයම දින දෙකක් මහජන පොළක් වශයෙන් පවත්වාගෙන යාමටත් සභාපතිවරයා පියවර ගෙන තිබෙනවා.
හැටන් නගරයේ පදික වෙළඳාවේ නිරතව සිටින සෑම පදික වෙළෙන්දෙකුම සති අන්තයේ පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම තහනම් කර එම වෙළඳුන්ද මහජන පෙළ භූමියේ තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යා යුතුය.
මහජන පොල භූමිය තුළ ව්‍යාපාර කටයුතු සිදු කරන එක් ව්‍යාපාරිකයෙකුගෙන් එක් දිනකට රුපියල් 250ක මුදලක් නගර සභාව විසින් අය කරනු ලබනවා.
එම භූමියේ ව්‍යාපාර කටයුතු සිදුකරන ව්‍යාපාරිකයන් කියා සිටින්නේ මහජන පොළ භූමිය යළි ආරම්භ කිරීම හොඳ දෙයක් බවවත් එහෙත් පෙළ භූමිය පවත්වාගෙන යන භූමිය වැසි ජලයෙන් යටවන බවත්ය.
එසේම ඒ අසලම නගරයේ එකතු වන කැළිකසළ එම භූමියට ගෙනවිත් බැහැර කිරීම සිදු නොකරන මහජන පොළ භූමිය ජලයෙන් යටවීම වැළැක්වීමට පියවර ගන්නේ නම් පාරිභෝගිකයන් විශාල පිරිසක් මහජන පොළ භූමියට පැමිණෙන බවටද ඔවුන් පවසනවා.
තවද වෙළෙඳ සැල්වලට වඩා ඉතා අඩු මිලකට මහජන පොළ භූමියේ එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට අලෙවි කළ හැකි බවද එම වෙලෙඳුන් පවසනවා.
මේ අතර හැටන් මහජන පොළ භූමියේ එළවළු වෙළෙඳුන් කියා සිටින්නේ මහජන පොළ යළි ආරම්භ කිරීමෙන් තම ව්‍යාපාර කටයුතුවලට යම් බාධාවක් සිදු වුවද සතියේ දින හතම හැටන් නගරයේ පදික වෙළෙඳුන්ට නගරය තුළ වෙළදාම් කිරීම තහනම් කරන්නේ නම් සතියේ දින පහක්ම තම ව්‍යාපාර කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි.













