ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ‘Vision’ වැඩසටහන යටතේ ලැබුණු අවස්ථාවක් මත මහියංගණය මැද යාය මහා විද්‍යාලය, වහකෝට්ටේ මැදබැද්ද මහ විද්‍යාලය සහ කල්මුණේ අල් අසාර් විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය නරඹන්නට පැමිණ ඇත.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
එහිදී “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදුවිය.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ලබා දීම සහ ‘Vision’ සඟරාව පිළිගැන්වීමද සිදුවිය.