ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ, මෙරට දූෂිත ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත් සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවක බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, මැයි දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින්.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජාති, ආගම් භේදයකින් තොරව මෙරට සිව් දෙස ජනතාව විසින් දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.