Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    2026-02-03

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
    • සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
    • නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
    • නව විගණකාධිපතිනිය පත් කෙරේ
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
    • ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : B-2 Sprit වැඩ අල්ලයි – ඉරානයේ න්‍යෂ්ඨික බලාගාර වනසයි

    VIDEO : B-2 Sprit වැඩ අල්ලයි – ඉරානයේ න්‍යෂ්ඨික බලාගාර වනසයි

    2025-06-22කියවීමට මිනිත්තු 3ක් ගතවේ.196 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ ෆෝර්ඩෝ යන න්‍යස්ඨික බලාගාර වෙත ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

    ඒ අනුව ඊශ්‍රායල – ඉරාන ගැටුමට නිල වශයෙන් අමෙරිකාව අද(22) එක්වූවා.

    B-2 ගුවන් යානා

    මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාව සතු සුවිශේෂීම බෝම්බ හෙළීමේ ගුවන් යානා වන B-2 ගුවන් යානා යොදාගත් බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

    මෙම ප්‍රහාරයට සඳහා GBU-57 ලෙස හඳුන්වන රාත්තල් 30000ක් බරැති බංකර් විනාශ කිරීමේ අමෙරිකානු බෝම්බ යොදා ගත් බවයි අමෙරිකානු නිලධාරියෙක් විදෙස් පුවත් සේවාවලට පවසා ඇත්තේ.

    එසේම එක්සත් ජනපද සබ්මැරින්වලින්ද ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති බවත් එම ප්‍රහාර සඳහා ටොමාහෝක් ගොඩබිම් ප්‍රහාරක මිසයිල 30ක් පමණ යොදා ගත් බවත් අමෙරිකානු නිලධාරියා වැඩිදුරටත් ්ඡ පුවත් සේවයට පවසා තිබෙනවා.

    සබ්මැරින්වලින් එල්ල කළ ප්‍රහාරයන් ඉස්ෆහන් සහ නටාන්ස් යන න්‍යෂ්ඨික බලාගාර ඉලක්කයන් වූ බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

    B-2 යානා යොදා ගනිමින් ෆෝර්ටෝ න්‍යස්ඨික බලාගාරයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    එම බලාගාරය වෙත යානා හයක් යොදා ගනිමින් බෝම්බ 12ක් දමා ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

    ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ න්‍යෂ්ඨික බලාගාර මෙම ප්‍රහාරයන්හි ඉලක්කය වී තිබුණා.

    මෙම ප්‍රහාරයට යොදා ගත් B-2 යානය බොයිං සමාගම විසින් නිෂ්පාදනය කරන ලද්දක් වන අතර එය මෙතෙක් කිසිදු යුද්දයකට යොදාගෙන නොතිබූ බවයි වාර්තා වන්නේ.

    මෙම ගුවන් යානය ඉන්ධන පිරවීමකින් තොරව සැතපුම් 7000ක දුරක් පමණ පියාසර කළ හැකි බවත් එක් ඉන්ධන පිරවුමකින් පසුව සැතපුම් 11500ක් පමණ දක්වා පියාසර කළ හැකි බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

    අමෙරිකානු ජනපති ජාතිය අමතයි

    මේ අතර අදාළ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා තිබෙනවා.

    එහිදී ඔහු පවසා ඇත්තේ ප්‍රහාරය විශිෂ්ඨ යුදමය සාර්ථකත්වයක් සහිත බවයි. ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කළ බවත් ඉතිරි ඉලක්ක බොහෝමයක් ඇති බවත්ය.

    සාමය ඉක්මණින් නොපැමිණෙන්නේ නම් අනෙකුත් ඉලක්ක වෙතත් නිවැරදිව වේගයෙන් හඹා එන බවටද ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවනේ ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන ලද විනාඩි තුනක පමණ වන අදාල ප්‍රකාශයෙන් තවදුරටත් සඳහන් වන්නේ ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය සංදර්භාත්මක හමුදා ජයග්‍රහණයක් ලෙස හඳුන්වන බවයි.

    සාමකාමී වන්න – ඉරානයට අනතුරු ඇඟවීමක්

    එසේම එම ප්‍රහාරය අතිශයින් සාර්ථක බවත් ඉරානයේ න්‍යෂ්ඨික පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූ අතිශය දියුණු හමුදා මෙහෙයුමක් බවත් ඔහු පවසනවා.

    ඉරානය තවදුරටත් යුද්ධයට අවතීරණය ව්නනේ නම් තවත් ඉලක්කයන් වෙත ප්‍රහාර එල්ල කන බවටද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවනවා.

    එසේම තවදුරටත් මෙය ඉදිරියට පත්වාගෙන ගියහොත් ඉරානයට පසුගිය දින අටේ අත්වූ විනාශයට වඩා විනාශයක් අත්වනු ඇති බවයි.

    සුදු මිනිහා මේ සැරේ පරාදයි

    න්‍යෂ්ඨික බලාගාරයන්ට එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ගේ උපදේශක මහ්ඩි මොහොමඩ් සඳහන් කර ඇත්තේ ඉරානය ෆෝර්ඩෝව් වෙත එක්සත් ජනපද ප්‍රහාරයක් අපේක්ෂා කළ බවත් ස්ථාන බොහෝමයක කලක සිට ඉවත් කර ඇති අතර ප්‍රහාරයෙන් ආපසු හැරවිය නොහැකි හානියක් සිදුව නොමැති බවත්ය.

    එසේම සුදු මිනිසා මෙවර පරාජයට පත්ව ඇති බවද එම සටහනේ දැක්වෙනවා.

    පෙර පුව​තඉරානයට එල්ල කළ අමෙරිකන් ප්‍රහාරය ගැන ඊශ්‍රායල් අගමැතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල පහතට

    සබැ​ඳි පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    නාමල් සි අයි ඩි යෙන් පිටව යයි

    නව විගණකාධිපතිනිය පත් කෙරේ

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    2026-02-03

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    2026-02-03

    නාමල් සි අයි ඩි යෙන් පිටව යයි

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group