Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : හිටපු ජනපති මෛත්‍රීට තවත් කොක්කක්

    VIDEO : හිටපු ජනපති මෛත්‍රීට තවත් කොක්කක්

    2025-06-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

    ඒ එප්පාවල සමූපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා විසින්.

    එප්පාවල සමූපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් 2019 වර්ෂයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති අරමුදලින් රුපියල් 27,500,000ක මුදලක් අවභාවිත කළ බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.

    එප්පාවල සමූපකාර සමිතිය විසින් 2017 වර්ෂයේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරය දැරූ 2019 වර්ෂයේ ජනවාරි මාසයේදී එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවයි පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ.

    පැමිණිලිකරු පවසන්නේ අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා එහි තිබූ කඩ කාමර හතක් කඩා ඉවත් කර ඇති බවයි.

    එසේම ඒවායේ තිබූ වටිනා දොර, ජනේල්, උළුවහු, ෂීට් ඇතුළු භාණ්ඩද අස්ථාන ගත වී ඇති බව පැමිණිලිකරු පවසනවා.

    උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබූ බවත් ඒ සඳහා රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තු කර තිබූ බවත් එප්පාවල සමූපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා පවසනවා.

    ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමදායකත්වය යුද හමුදාවෙන් ලබාගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත්කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවයි උප සභාපතිවරයා සිය පැමිණිල්ල මගින් පවසන්නේ.

    ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවත් මේ වනවිට ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වී ඇති බවත් පැමිණිලිකරු පෙන්වා දෙනවා.

    එසේම මෙහි කිසියම් මුදල් අවභාවිතයක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබාගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවයි.

    මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් තමන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද පැමිණිලිකාර එප්පාවල සමූපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා පවසන්නේ.

    පෙර පුව​තශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
    ඊළඟ පුව​ත VIDEO | PHOTOS: ඉඩම් අයිතිය ඉල්ලා වතුකරයේ උද්ඝෝෂණයක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group