වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මහජන රැළිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා අද(15) පස්වරුවේ හමුවී තිබෙනවා.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි සුමන්තිරන් මහතා එහිදී පවසා ඇත්තේ.
එසේම පලාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යව්සථාවට අනුකූලව මෙම මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බවද ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.
එම හමුවෙන් පසුව නාමල් රාජපක්ෂ මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.











