දඹුල්ල, පහළවැව ග්‍රාම සේවා වසමේ කණ්ඩලම පාර ප්‍රදේශයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව නිකිණි පුන් පොහෝදා ආරම්භ කළ ස්පා ආයතනයකට ජනතා විරෝධය එල්ලවීමත් සමඟ එහි සේවයේ යෙදී සිටී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ඊයේ(08) දින පස්වරුවේ දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දඹුල්ල මහ නගර සභාවේ හෝ වගකිවයුතු කිසිදු අයතනයකන් බලපත්‍රයක් අවසරයක් ලබානොගෙන ග්‍රාමීය ජනතාව විශාල වශයෙන් පදිංචිව සිටින ස්ථානයක ඇදන් 5ක් සහිත ස්පා ආයතනය ආරම්භ කෙරුණු මේ ස්ථානයට දේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.
ප්‍රදේශවාසීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමේදී එහි තෙරපි කිරීම සඳහා එක් කාන්තාවක් යොදවා කළමනාකරුවන් දෙදෙනෙකු එහි සිටි බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
අවසර පත්‍රය තිබේදැයි ප්‍රදේශවාසීන් ඔවුන්ගෙන් විමසීමේ දී ආයතනය පවත්වාගෙන යන ව්‍යාපාරික කාන්තාවකගේ දුරකථන ඇමතුමක් ප්‍රදේශවාසීන්ට ලබාදීමට කළමනාකාරවරයා පියවර ගෙන තිබෙනවා.
හිමිකරිය බව කියන ව්‍යාපාරික කාන්තාව සඳහන් කළේ රාජ්‍ය නිල ලාංඡනය සහිතව රජයෙන් තමන්ට මෙම අනුමැතිය අවසරය ලබා දී ඇති බවයි.
එම ලිපියට අත්සන් තබා ඇත්තේ කවුරුන්ද යන්න විමසීමේ දී ඇයට කිසිවක් ප්‍රකාශ කරගැනීමට නොහැකි වී තිබෙනවා.
කෙසේ වෙතත් නැවතත් ඔවුන් සඳහන් කොට සිටියේ දඹුල්ල පොලිසියෙන් ලද අවසරයකින් මෙම ස්පා ආයතනය ආරම්භ කළ බවයි.
ප්‍රදේශවාසීන් වහාම දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී විමසීමේදී සඳහන් කළේ කිසිදු අවසරයක් හෝ දැනුම්දීමක් හෝ තමන් නොදන්නා බවයි.
වහාම පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට එවන බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබෙනවා.
එහිදී ප්‍රදේශවාසීන් දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතාට දුරකථනයෙන් අමතා නගර සභාවේ නිසි අවසරයක් ලබා දී ඇත්දැයි විමසීමක් කර තිබෙනවා.
එහිදී නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතා ද සඳහන් කළේ නගර සභාවෙන් කිසිදු අවසරයක් මේ සඳහා ලබා දී නොමැති බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඔවුන්ගෙන් විමසීමේදී ස්පා ආයතනයක් පවත්වාගෙන යෑම සඳහා කිසිදු ලිඛිත අවසරයක් ඔවුන් සතුව නොමැති වීමත් සමඟ සවිකොට තිබූ ස්පාද දැන්වීම් පුවරු කර මත තබාගෙන ඒවා ඉවත් කොට ආයතනය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
එම ස්ථානයේ සිටි කාන්තාව සහ පුද්ගලයන් දෙදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ පෙර පාසලක් මෙන්ම පදිංචිකරුවන් විශාල වශයෙන් සිටින ස්ථානයක විශේෂයෙන් පහළවැව කණ්ඩලම පාර යන ඉතා ග්‍රාමීය ජනතාවක් වෙසෙන ස්ථානයක මෙවැනි දෙය සිදුකිරීමා ඉඩ නොදෙන බවයි.