අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැති ධුරයේ වෙනසක් සම්බන්ධයෙන් පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් සහ අසත්‍ය කරුණා වාර්තා කිරීමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද(03) පෙරවරුවේ සහභාගි වෙමිනි.
ඒ මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදීයි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙය ඇතැම් මාධ්‍ය සහ විරුද්ධවාදීන් විසින් අවධානය ලබාගැනීමට සිදු කරනු ලබන ප්‍රචාරයන් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
මාධ්‍යවේදියා : ඇමැතිතුමා මෑත කාලයේදී කතාබහට ලක්වෙලා තියෙනවා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අත ළඟ එනවා කියලා.
මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අගමැතිතුමිය ඉවත් වෙනවා කියලා ආරංචි මාර්ග සඳහන් වෙනවා.
නලින්ද ජයතිස්ස වන ඔබත් බිමල් රත්නායක අමාත්‍යවරයාත් අගමැති ධුරය සඳහා තෝරාගෙන ඇති බවට තොතුරු සමාජය තුළ කතාබහට ලක්වෙනවා.
ඇමතිතුමා මේකේ සත්‍ය අසත්‍යතාවය මොකක්ද? අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් එනවද? අගමැති වෙනස් වෙනවද? ඔබ අගමැති වෙනවද?
ඇමැති නලින්ද ජයතිස්ස : ඒක සම්පූර්ණ අසත්‍යය පුවතක් සහ අසාධ්‍ය තොරතුරු වාර්තාකරණයක්.
අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සඳහා හෝ අගමැතිතුමිය වෙනස් කිරීම සඳහා කිසිම සාකච්ඡාවක් යෝජනාවක් අපි අතර පැවතිලා නැහැ.
එය සමහර විට අපේ විරුද්ධවාදී නැත්නම් අවධානය දිනාගැනීම සඳහා සමහර මාධ්‍ය ඇතුලෙ මතුකරන ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්.
කිසිම ආකාරයක කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ අපි සාකච්ඡා කරලා නෑ…
මාධ්‍යවේදියා : ඇමැතිතුමා සඳහන් කරන්නෙත් ඉතින් ඇමැතිවරුම තමයි… සංශෝධනයක් එනවා කියලා.