ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරින් වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කරනවා .
අද (10) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ .
මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නීත්‍යානුකූලව විනය පරීක්ෂණයක් පවත්වා පසුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන බවයි .













