ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද පෙරවරු 8.00 සිට හෙට පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.
බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශ සදහා මෙම ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත් අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම සිදුවන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාවයන් පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














