මහියංගණය බිබිල මාර්ගයේ රිදීකොටලීය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ වන්දනා නඩයක් රැගත් බස් රථයක් ආහාර ලබාගැනීමට ආපන ශාලාවක් ඉදිරිපිට නවතා ආහාර ලබාගැනීමෙන් පසු කාන්තාවක් නැවත බස් රථයට නැගීමට මාර්ගය හරහා මාරුවීමේදී අනතුරට ලක්ව ඇති බවයි.
අදාළ කාන්තාව මහියංගණය දෙස සිට බිබිල දෙසට ධාවනය වූ කැබ් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් පසුව අදාළ කැබ් රතය නොනවත්වා ධාවනය කර ඇති බවත් බරපතල තුවාල ලැබූ කාන්තාව මහියංගණය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් පමණ වු බඩල්කුඹුර පුන්සිරිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය කියා සිටියේ.
ජීවිතක්ෂයට පත්වූ කාන්තාවක් ඇතුළු පිරිසක් බස් රථයකින් මොනරාගල සිට අනුරාධපුරය දක්වා චාරිකාවක් සඳහා පිටව ගොස් නැවත එමින් සිටියදී මෙම අනතුරට ලකව ඇති බවට මූලික විමර්ශනවලින් හෙළිව තිබෙනවා.
අනතුර සිදු කළ කැබ් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා මහියංගණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.