පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල, අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී වත්තල පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයක් පසුපස හඹා ගොස් එම රථය නවතා පරීක්ෂා කිරීමේදී එම රථයේ රියදුරු අසුන යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබක් හමුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
කාර් රථය සහ එහි රියදුරු ලෙස සිටි පුද්ගලයා ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම අවිය තවත් පුද්ගලයෙකුට ලබාදීමට රැගෙන න බවට අනාවරණය වීම මත එම පුද්ගලයාද වත්තල පොලිස් වසමේ මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 33ක් පමණ වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













