කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එළඹෙන සතියේදී අත්සන් කිරීම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කලා.
මේ වන විට විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර අවසන් බවයි මන්ත්‍රීවරයා සදහන් කලේ
මේ සදහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක්ම ඇතුළත් කර තිබෙන බවද මුජිබර් රහුමාන්මහතා සදහන් කලා
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ නීතිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය විසින් කථානායකට ඉදිරිපත් කර ඇති වාර්තා මඟින් පෙන්වා දෙන කරුණු නොසලකා හරිමින් කථානායකවරයා මෙම විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව මෙම වාර්තා මගින් පෙන්වා දුන්නද ඒ සියලු දේවල් නොසලකා හරිමින් කථානයකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම බරපතල අසාධාරණයක් බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.
කෙසේවෙතත් විපක්ෂයේ සියලු දෙනාගේම සහයෝගයෙන් මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ