කිසියම් අපරාධයක් සිදුකිරීම සදහා සූදානම්ව සිටි බවට ලද තොරතුරකට අනුව පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහාබාගේ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුවයි.
එහිදී ඇල්පිටිවල, මගුල් පොකුණ සහ හොරපේ යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී යුධ හමුදා නිළ ඇදුමට සමාන නිල ඇදුම්, ව්‍යාජ පිස්තෝල, පොලිස් හිස්වැසුම් සහ අත්විලංගු ඇතුලු තවත් භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා.