
නාවික හමුදාව විසින් සිදුකළ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 16 වැනිදා සිට 27 වැනිදා දක්වා නැගෙනහිර සහ උතුරු නාවික විධාන විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ. එහිදී ඩිංගි යාත්‍රා 18 ද නිලධාරීන් භාරයට ගෙන ඇති බවද වාර්තා වනවා.














