රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීම් අරමුණින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ඒ ඇලෙස්කාවේදීයි.
ඇලෙස්කාවේදී පැවැත්වෙන මෙම හමුවේ මුලික අරමුණ දීර්ඝ කාලයක් පුරා පවතින යුක්‍රේන රුසියා යුද්ධය අවසන් කිරීම බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ජනාධිපති සහ රුසියානු ජනාධිපති මෙලෙස මුහුණට මුහුණ හමුවන්නේ වසර 06 කට පසුවයි.
රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීමට ජනාධිපති ට්‍රම්ප් උත්සහ කරන්නේ සිය දෙවන ධුර කාලය ආරම්භ කිරීමටත් පෙර සිට වීම විශේෂත්වයක්.
ඔහු අවස්ථා කිහිපයකදී යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි හමු වූ අතර පුටින් සමඟ දුරකතනයෙන්ද සාකච්ඡා කර තිබුණා.