දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පනස්දහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව එම සංඛ්‍යාව 50,222ක් බවයි එම අධිකාරිය සදහන් කලේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 10,453ක් පැමිණ ඇති අතර එය සියයට 21ක වර්ධනයක් බවටද සදහන් වනවා.
රුසියාවෙන් 5,420ක්, ජර්මනියෙන් 4,822ක්, එක්සත් රාජධානියෙන් 3,823ක්, චීනයෙන් 2,627ක් සහ ඔස්ට්‍රේලියා ජාතිකයින් 2,594 ක් ද මුල් දින 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 08 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2,153,815ක් බවටයි සදහන් වන්නේ.











