
කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට අද පැය 08ක ජල කප්පාදුවක් සිදු කරනු ලබනවා. ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා මෙම ජල කප්පාදුව සිදු වනු ඇති.
ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.














