ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් 10 කු මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම වැටලීම්වලදී සැකකරුවන් සතුව තිබූ ගිනි අවි, පතොරොම්, කඩුවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් සොයාගෙන ගනු ලැබුවා.