
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද එය අසාර්ථක වෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් . මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටළු නිරාකාරණය කර ගනිමින් ඉදිරියට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.














