මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අඟුලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය 27 වන දින අඟුලාන ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරු සිද්ධියෙන් පසු පළාගොස් සිටියදී අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(28) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු වයස අවුරුදු 26ක් වන සයුරුපුර, අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අනියම් සැමියා සිදු කළ පහරදීමෙන් පසුගිය 27 වනදා දහවල් කාලයේදී අඟුලාන සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදී මෙම ඝාතනය සිදුව තිබෙනවා.
එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ වාද්දුව, කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක් වූ තරුණියකි.
සැකකාර තරුණය අදාළ තරුණිය කැඳවාගෙනවිත් අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ තාවකාලිකව රැඳී සිට ඇති බවත් අනියම් සැමියා සහ කාන්තාව අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් බවත් අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.
අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













