ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත ගෙවොග් සාග්සියන් මහතා සහ ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
මේ වන විට රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපව්ම සම්බන්ධයෙන් මෙහිදී නියෝජිතවරයා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
ලෝක බැංකුව සම්බන්ධ ඉතිහාසය පැහැදිලි කළ ඒ මහතා ශ්‍රී ලංකා රජය රටේ සංවර්ධනය වෙනුවෙන් ඉල්ලා සිටින ඕනෑම අංශයකින් සහයෝගය දැක්වීමට සූදානම් බවයි මෙහිදී ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සහ මූල්‍යමය ඇතුළු අනිකුත් අභියෝග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
රාජ්‍ය ආයතන නගා සිටුවීමේ වැදගත්කම සහ පෞද්ගලික අංශය දායක කරගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ..
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














