මීගහවත්ත පොලිස් වසමේ, දෙල්ගොඩ ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ සැක කටයුතු ලෙස කාන්තාවක මිය ගොස් තිබෙනවා. මේ අනුව මීගහවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 49 ක් වූ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම කාන්තාව නවාතැන්ගෙන සිටි කාමරයෙන් දුඟදක් හැමීම හේතුවෙන් කුලී කාමරයේ හිමිකරුවන් සිදු කළ සොයා බැලීමේදී එම කාමරයේ තිබී මෙම කාන්තාවගේ මෘත ශරීරය සොයා ගැනුණා.
අදාළ කාන්තාවගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වි නොමැති අතර, මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.