BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබෙනවා.
මෙම උත්සවය පැවැත්වුනේ නිව්යෝර්ක් හිදී
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්වූ අවස්ථාවේදී මේ සඳහා සහභාගි වූ බවයි
ඒ සඳහා රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුනා.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන් රැසක් ඒ සඳහා එක්ව තිබෙනවා.
ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුම මෙලෙස ‘BBNJ’ ලෙසින් හඳුන්වනු ලබනවා.
මෙම ගිවිසුමට එක් වූ 58වන සාමාජික රට ශ්‍රී ලංකාව වන අතර, 2025 සැප්තැම්බර් 16වනදා ඊට අදාළ ගිවිසුමට එළැඹ තිබෙනවා.