විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, කථානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි මස 30 වැනිදා හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව එලෙස රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව අද කැඳවා තිබෙනවා. ඒ අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය අද පස්වරු 04.30 දක්වා පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව යළි ජූලි මාසයේ 08, 09 සහ 11 යන දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- ගංජා විකුණු සජබ මන්ත්‍රී ගලඋඩදී මාට්ටු
- දොළවත්තගෙන් NPPය ගැන අනාවරණයක්
- ගොඩ ගැසී තිබූ රියදුරු බලපත් මුද්‍රණය ඇරඹෙයි
- පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
- නිදන් සෙවූ දෙදෙනක් මාට්ටු
- අයවැයට පක්ෂව ඡන්දය දුන් වතුකරයේ වෘත්තීය සමිති නායකයන් ගැන අනාවරනයක්
- නුගේගොඩ රැළියට අපි නෑ – දිගම්බරම් තීරණයක් ගනියි
- සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්













