යූ එස් ඒඩ් කාර්ය මණ්ඩලය නිවාඩු ලබා දීමට, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට එරට විනිසුරුවරයෙක් නියෝග කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ එම තීරණයට විරුද්ධත්වය පළ කරමින් වෘත්තීය සමිති විසින් ගොනු කරන ලද නඩුවක් සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එම නියෝගය සිදු කර ඇත්තේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යූ එස් ඒඩ් කාර්ය මණ්ඩලයේ සේවකයින් 2,200කට වැටුප් සහිත නිවාඩු ලබා දීමට තීරණය කර තිබුණා.
යූ එස් එඩ් ආයතනය යටතේ විදෙස්ගතව සේවකයින් 10,000ක් පමණ සේවය කරන අතර එය ඔවුන්ගේ කාර්ය මණ්ඩලයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.