පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදු වූ නායයාමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව එම නායයාමෙන් මේ දක්වා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිද්ධිය සිදු වූ අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයන් සිව්දෙනෙක්ද මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර තිබෙනවා.
ඒ අනුව නායයාමේ සිද්ධියට අදාළව මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට මුදා ගැනීමේ කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා.











