වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත විකම්‍රසේක නොහොත් මිදිගම ලසා ඝාතනය කිරීම දේශපාලන ඝාතයක් බව සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පාතාලයට සම්බන්ධ කරමින් චෝදනා කරන බවයි.
එලෙස ඔහු පාතාලයට සම්බන්ධ බව දන්නේ නම් ජීවත්ව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණ බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියා.
මෙම ඝාතනය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද පහරක් බවත් ඝාතනයට ලක්ව ඇත්තේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ සභාපතිවරයෙක් බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.













