මහ මැතිවරණය සදහා රුපියල් කෝටි 1100ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙවර අයවැයෙන් ඒ සදහා මුදල් කර නොමැති බවයි.
කෙසේවෙතත් අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතයි.