නීති විරෝධී ලෙස සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමින් මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගයෙක් තොඩුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අදාළ මෝටර් රථයේ තිබී මත්පැන් බෝතල් 30ක් පමණ සොයා ගත් බවයි.
සැකකරු කුලී පදනම මත ලබාගත් සුපිරි වාහනයක් යොදා ගනිමින් මෙම ජාවාරම කර තිබෙනවා.
ඒ සඳහා තම පවුලේ සාමාජිකයන්ද හවුල් කරගෙන ඇති සිටි බවයි පොලිසිය පවසන්නේ.
තම දැරියගේ සැත්කමකට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙලෙස නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි බවත් සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් අත්අඩංගුවට පත් අවස්ථාවේදී පොලිසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු, මත්පැන් සහ මෝටර් රථය සමග මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













