
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම යන චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් 15 දෙනාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දඬුවම් නියමකර තිබෙනවා. ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින් බරපතළ සිරදඬුවම් නියමකර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔවුන් සතු නිශ්චල හා චංචල දේපොළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් පැනවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ නියම කළා. මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නඩු පවරා තිබූ අතර, චෝදනා එල්ලව තිබූ විත්තිකරුවන් 09දෙනෙකු අධිකරණය නිදොස්කොට නිදහස් කිරීමට මීට පෙර නියෝග කර තිබුණා.














