ඔක්තෝබර් 6 වන දින තංගල්ල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට දැනුම්දී ඇති බව වාර්තා වනවා.
බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔක්තෝබර් මස 6 වන දින පෙරවරු 10ට පමණ තංගල්ල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර අත්අඩංගුවට ගැනුණු බෙලිඅත්තේ සනා නමැත්තා දින 9ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා.