ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ නාවලපිටිය නගරයේ තරුණයෙකු නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(25) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක අයෙකු බවත් සැකකරු නාවලපිටිය නගරයේ පිසූ ආහාර අලෙවි කරන වෙළෙඳ සැලක් පවත්වාගෙන යන අයෙකු බවත් පොලිසිය පවසනවා.
සැකකරු පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් ගංජා මිශ්‍ර මද මෝදක ගුලියක් අධික මිලකට අලෙවි කර ඇති අතර නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් උපාය දූතයෙකු යොදවා ගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නඅ වස්ථාවේ සැකකරු සන්තකයේ මදන මෝදක ගුලි 30ක් තිබී සොයා ගත් බවත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසනවා.
නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.













