අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඊයේ දිනයේ දී රුපියල් මිලියන 40 ක ආදායමක් උපයා තිබෙනවා.
ඒ අනුව පසුගිය 10 වනදා සිට මේ දක්වා අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඉපයූ අදායම රුපියල් මිලියන 191ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ආර්.ඒ.ඩී කහටපිටිය කියා සිටියේ.