ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේදී ඊයේ(04) රාත්‍රී අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිසේ වෙත වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
මේ අතර ඊයේ(04) සිදු වූ අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූවා.
ඒ අතර බස් රථයේ රියදුරුවරයාද වන බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයන්ගෙන් 9 දෙනෙක්ම කාන්තාවන් බවටයි පොලිසිය කියා සිටියේ.
කෙසේ වෙතත් මේ වන විටත් තුවාල ලැබූ 18 දෙනෙක් බදුල්ල ශික්‍ෂණ රෝහලේ, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
එම පිරිස අතර දරුවන් 5 දෙනෙක් කාන්තාවන් පස් දෙනෙක් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
මොවුන් සියලු දෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් බවත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා කියා සිටියා.