යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා .
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා
ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කලේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ එම හමුව සෞදි අරාබියාවේ දී පැවැත්වෙනු ඇති බවයි .