
තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ, මේ වනවිට එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කරද ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි යන පුරෝකථනයට අනුව කටයුතු සුදානම් කළ යුතු බවයි. ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද ඔහු පවසා සිටියා.














