නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිටි මවක, දියණියක ඇතුළු තරුණියන් කිහිප දෙනෙකුට හිරිහැර කළ තරුණයින් දෙදෙනෙකුට එරෙහි වූ බස් රථයේ කොන්දොස්තරවරයාට පොලුවලින් පහර දී තුවාල සිදුකර ඇති බව වාර්තා වනවා.
අදාළ තරුණයන් දෙදෙනා කිසියම් මත්ද්‍රව්‍යක් එම අවස්ථාවේ භාවිත කර සිටින්නට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පහරදීම සිදු කර ඇත්තේ අද(07) උදෑසන 9.30ට පමණ කඩවත, කිරිල්ලවල අධිවේගී පිවිසුම ආසන්නයේ පිහිටි වර්ණ සංඥා අසලදීයි.
සැකකාර තරුණයන් දෙදෙනා අතරමගදී බස් රථයට ගොඩව ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථයේ පසුපස අසුන සම්පූර්ණයෙන්ම හිස්ව තිබියදීත් මොවුන් තරුණියන් අසලින් වාඩි වී තිබෙනවා.
එලෙස වාඩිවීමෙන් පසුව තරුණියන්ට හිරිහැර වන ආකාරයෙන් තරුණියන්ගේ ශරීරය ස්පර්ශ කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් අදාළ තරුණියන් වෙනත් අසුන්වලට ගොස් වාඩිවී වුවත් අදාළ සැකකාර තරුන්ද නැවත නැවතත් බස් රථයේ සිටි අනෙක් තරුණියන් ආසන්නයේද වාඩිවී ඔවුනට හිරිහැර කිරීමට පෙළඹී තිබෙනවා.
තරුණයන් දෙදෙනාගේ නොමනා හැසිරීම අවස්ථා කිහිපයකදීම සිදුවන ආකාරය බස් රථයේ සිටි මගීන්ගේ සහ කොන්දොස්තරවරයාගේ අවධානයට ලක්ව තිබෙනවා.
එහිදී සිදුවීමට එරෙහිව කතා කළ කොන්දොස්තරවරයාට අදාළ තරුණයන් බැණවැදී තිබෙනවා.
මේ අතර කුඩා පිහියකින් කොන්දොස්තරවරයාට පහරදීමට එක් සැකකරුවෙක් උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ වනතෙක්ම ධාවනය වෙමින් තිබූ බස් රථය කිරිල්ලවල අධිවේගී මාර්ග පිවිසුම අසළ වර්ණ සංඥාවේ නතර කරනවාත් සමග ගැටුම උත්සන්න වී සැකකරුවන් දෙදෙනා හා කොන්දොස්තරවරයා රථයෙන් බිමට බැස තිබෙනවා.
සැකකරුවන් විසින් මාර්ගයේ සිටුවා තිබූ ලී කණුවක් බිඳගෙන කොන්දොස්තරවරයාට අමානුෂික අයුරින් පහරදීමෙන් පසුව එතැනින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ බස් රථයේ මගීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනා හඹා ගොස් අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ව්‍යායාම මන්තීරුව ආසන්නයේ වූ වෙල් යායකදී අල්ලාගෙන පහරදී ගැට ගසා තිබෙනවා.
එලෙස බැද දමා තිබූ සැකකරුවන් දෙදෙනා කඩවත පොලිසියට භාරදීමට පියරව ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නාවලපිටිය – කොළඹ බස් රථයේ රියදුරා විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පහර කෑමෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයා රෝහල්ගත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සැකකාර තරුණයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් හෙට (08) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.