
දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතර අද සාකච්චාවක් පැවැත්වෙනවා .
ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසඳීම සඳහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ . එසේ නොවුණහොත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව එළඹෙන බ්‍රහස්පතින්දා වැඩවර්ජනයක් ආරම්භ කරන බවද එම සංගමය සදහන් කළා. මෙම සාකච්ඡාවෙන් නිසි විසඳුම් නොලැබුණහොත් සැලසුම් කර ඇති පරිදිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවයි වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කරන්නේ.














