හැටන් සිට නුවරඑලිය දක්වා ධාවනය වු යතුරුපැදියක වතු කම්කරුවෙකු ගැටිමෙන් සිදු වු අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත්දෙ දෙනා සහ වතු කම්කරුවා තුවාල ලබා අද දින කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසුවා.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද දින පස්වරු 2.30 ට හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදියි.
තේ වත්තේ වැඩ අවසන් කර නිවස කරා ගමන් කර ඇති වතු කම්කරුවා අපරික්ෂාකාරි ලෙස ප්‍රධාන මාර්ගය හරහා මාරුවිමට උත්සහ කිරිමේදි ධාවනය වෙමින් තිබු යතුරුපැදියේ ගැටි වතු කම්කරුවා මද දුරක් ඇදිගොස් මෙම අනතුර සිදු වි තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය විමර්ෂණ සිදු කරනු ලබනවා.