ප්‍රකට ඉන්දීය පාතාල නායකයෙකු වන දාවුඩ් ඊබ්‍රහිම්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය සහ හිටපු කොටි සාමාජික කණ්ඩායමක් අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ගිවිසුමක් ඇති කර ඒ හරහා නැවත එල්.ටී.ටී.ඊ, සංවිධානය ගොඩනැංවීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණ කරගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය සහ ජාවාරම් සඳහා දිගු කලක් ප්‍රසිද්ධව සිටින ඩාවුඩ් ඊබ්‍රාහිම් සංන්ඩිකේට් නමැති සංවිධානය සමගින් සිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු ඇතැම් සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගෙන ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබෙනවා.
මෙම කල්ලි විසින් ඇති කරගන්නා නව සංවිධානයක් හරහා ඉදිරියේදී මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යාම ආරම්භ කරනු ඇති බවටත් ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාරතා සඳහන් කර තිබෙනවා.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් සිදුකරන ලද පරීක්‍ෂණයකින් අනාවරණය කරගෙනඅ ැත්තේ කොටි සංවිධානය නැවත කරලයට පැමිණීමට උත්සාහ කරන බවයි.
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් විදේශීය බැංකුවලින් මුදල් ලබාගැනීමට උත්සාහ කරන බවත් ඒ හරහා සිය සංවිධානය නැවත පණගැන්වීමට ඔවුන් උත්සාහ කරන බවත් එම ඒජන්සිය හෙළිකරගෙන තිනෙවා.
සංඛ්‍යාත්මකව ප්‍රමාණයක් නොතිබුණද සැලකිය යුතු හිටපු කෙටි සාමාජිකයන් පිරිසක් සිටින අතර ඔවුන් බොහෝමයක් ඉන්දියාව ආශ්‍රීතව පදිංචිව ජීවත්වේ.
මීට වසර තුනකට පෙර කොටි සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් විසින් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට දැරූ උත්සාහයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් ව්‍යාර්ථ කර තිබෙනවා.
එහිදී සුරේෂ් රාජ් සහ සෞන්දරාජන් ලෙස හඳුනාගෙන ඇති තමිල්නාඩුවේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව පදනම් කර ගත් එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ නියෝග යටතේ ඔවුන් කටයුතු කර ඇති බවවත් විමර්ශකයින් අනාවරණ කරගෙන තිබෙනවා.
උපුටා ගැනීම : දිවයින පුවත්පත 20225-11-10













