විවිධ හේතු මත අපයෝජනයට ලක්වන ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්, ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබා ගැනීම සදහාවූ නීතිඥ සංචිතයක් පිහිටුවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ළමා වින්දිතයන් වෙනුවෙන් වූ නඩු සඳහා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීම සහ බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වලක්වා ගැනීම මෙහි අපේකෂාවයි.
එමෙන්ම සියලු වෘත්තිය වියදම් සහ ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දරණු ලබන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ.
අවුරුදු 10 කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් සහිත මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු සදහා පෙනි සිට පළපුරුද්දක් ඇති නීතිඥවරයන් මෙම සංචිතයට බඳවා ගැනීමට නියමිතයි.