මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආයුර්වේද වෛද්‍ය පීඨයන්ගේ පවතින ගැටළු විමසා බැලීමේ හා එම ගැටළු සඳහා විසදුම් ලබාදීමේ අරමුණින් විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා තිබුනා.
මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි දේශීය වෛද්‍ය උපාධි පාඨමාලාවලට අදාළ සායනික පුහුණුව විධිමත් කිරීම, ආයුර්වේද, සිද්ධ හා යුනානි සිසුන්ගේ සීමාවාසික පුහුණුව, දේශීය වෛද්‍ය පාඨමාලා හැදෑරූ සිසුන් රැකියා සදහා යොමු කිරීම, සිද්ධ වෛද්‍ය විද්‍යාවේ ඖෂධ සම්බන්ධ ගැටළු විමසා බැලීම ආදී කරුණු කිහිපයක් ප්‍රමුඛ කොට එම ක්ෂේත්‍රයටම අඳාළ කරුණු රාශියක් පිළිබදව මෙහි දී දීර්ඝව සාකච්ජා සිදු කර තිබෙනවා.
විසදුම් ලබා දිය හැකි ගැටළු රැසක් සඳහා එම අවස්ථාවේම නිලධාරීන් සමග සාකච්ජා කොට විසදුම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පියවර ගත් අතර, තවත් කරුණු ගණනාවක් සදහා කඩිනමින් විසදුම් ලබාදීමට ඇති හැකියාව පිළිබදව ද අමාත්‍යවරයා මෙහි දී සොයා බලා තිබුනා .
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආයුර්වේද දෙපාර්තුමේන්තුව, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, නියෝජනය කරමින් නිලධාරීන් මෙන්ම කොළඹ, ගම්පහ වික්‍රමාරච්චි, යාපනය සහ නැගෙනහිර යන විශ්ව විද්‍යාලවල දේශීය වෛද්‍ය පීඨයන්හි පීඨාධිපතිවරුන්, එම විශ්ව විද්‍යාලවල ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ජාව සදහා එක්ව සිටියහ.












