ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් (01) දින සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා දික්ඔය මූලික රොහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරියෙකු පැවසිය.
උදෑසන 10:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් පෝන්නගර් වීදියේ හැටන් විහාරස්ථානය අසළදීය.
හැටන් පෝන්නගර් සිට හැටන් නගරය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් හැටන් නගරයේ සිට පෝන්නගර් දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය ත්‍රීරෝද රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
උත්සව සමයේ මහජනතාව නිතරම ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල රැදී සිටින නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත්ව රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසියේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.













